
ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන චීන ජාතිකයන් උත්කර්ෂවත් අන්දමින් සමරන Lunar New Year අද (29) දින සිට ආරම්භ වනවා.
එය චීන නව වසර උදාව ලෙස ද හදුන්වන බවයි පැවසෙන්නේ.
එදින සංකේතවත් කරමින් මෙල්බන් නුවර Chinatown හිදී විශේෂ උත්සව අවස්ථා රැසක් සංවිධානය කර තිබෙනවා.

ඊට සමගාමීව හෙට (30) උදෑසන 10.00 ට String Bean Alley ප්‍රදේශයේ පිහිටි Mary Martin Book Shop හීදී විචිත්‍රවත් Lion Dance උත්සවයක් ද පැවැත් වීමට නියමිතයි.
එමෙන්ම පෙබරවාරි 02 වනදා සිට Lonsdale, Bourke වීදිය, Swanston වීදිය සහ Exhibition වීදිය ආවරණය වන පරිදි Lunar New Year සැණකෙළියක් පැවැත්වෙන බව ද සදහන්.

2026 වර්ෂයේ දී Lunar New Year යෙදී ඇත්තේ පෙබරවාරි මස 18 වනදාට බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.