Search

වික්ටෝරියා හි පළමු පාසැල් වාරය අදින් ඇරඹෙයි

මෙම වසරේ වික්ටෝරියා හි පළමු පාසැල් වාරය අදින් (29) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට වික්ටෝරියා හි රජයේ පාසැල් ආරම්භ කරන අතර වික්ටෝරියා හි පෞද්ගලික පාසැල් ඊයේ දින සිට ආරම්භ කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පළමු පාසැල් වාරය ආරම්භ කරන දිනයන් වෙනස් වන අතර
ක්වින්ස්ලන්ඩ් හි නව පාසැල් වාරය ඊයේ ආරම්භ වු අතර සිසුන් අට ලක්ෂ අනු දහසක් පමණ අද පාසල් වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිසුන්ට නව වසරේ පාසල් වාරය අදින් ආරම්භ කරනු ලබන අතර මේ වසරේ මොඩර්න් පන්ති කාමර මෙන්ම නවීන පන්නයේ පාසල් ඉදිකිරීමටයි වික්ටෝරියා රජය සැලසුම් කර ඇත්තේ.

21 වන සියවසට ගැලපෙන ලෙස සිසුන්ගේ නිර්මාණාත්මක චින්තනය වර්ධනය වන ආකාරයේ අධ්‍යාපන සැලසුම් සකස් කර ඇති බව වික්ටෝරියා බලධාරීන් පෙන්වා දෙනවා.

එමෙන්ම 2026 වසරේදී වික්ටෝරියාහි සිසුන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාගත හැකි ආකාරයේ නිවසට සමීප තවත් නව පාසල් 19 ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති ඔවුන් කියා සිටියේ.

මේ අතර නිව් සවුත්වේල්ස් හි නැගෙනහිර ප්‍රදේශයේ පළමු අධ්‍යයන වාරය ජනවාරි 31 වනදා ද බටහිර අංශය පෙබරවාරි 7 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »