
ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා.
මීටර් 4,892ක් උසින් යුත් මෙම කන්ද තරණය කරමින් ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ.
ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රිලාංකිකයා බවට පත්වීමට 2018 වසරේ දී ජොහාන් පීරිස්ට හැකියාව ලැබුණා.

ඔහුගේ මීලග ප්‍රයත්නය වන්නේ ලොව මහාද්වීපයන් හි උසම කදු 7 තරණය කිරීමයි.
තවද අප්‍රිකාවේ Kilimanjaro කන්ද, යුරෝපයේ Elbrus කන්ද සහ ඔස්ට්‍රේලියාවේ Kosciusko යන කදු ජොහාන් පීරිස් විසින් මේ වන විට තරණය කර අවසන් කදු අතර වනවා.

ඒ අනුව මහද්විපික උසම කදු 7න් 5ක් මේ වන විට ඔහු තරණය කර ඇති අතර තවත් කදු 2ක් තරණය කිරීමට ඉතිරිව තිබෙනවා.
තවද ආජන්ටිනාවේ Aconcagua කන්ද , ඇලස්කාවේ Denali කන්ද ජොහාන් පීරිස් ට තරණය කිරීමට ඇති අනෙක් කදු ලෙසයි සදහන් කර ඇත්තේ.
මෙම වසරේ ඉතිරි කදු දෙක තරණය කරමින් ලෝක වාර්තා අලුත් කිරීම ඔහුගේ අරමුණ වනවා.