
ඔස්ට්‍රේලියා-නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2025”
දෙවන අධියර මාර්තු 22 වන සෙනසුරා දා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා-නවසීලන්ත සිහින සැබෑ කරමින්, එම සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.
කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2025 සඳහා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් මේ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා-නවසීලන්ත ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතයි.
Student Visa, Sponsor Visa, Skilled Visa සහ Scholarships ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙමගින් සිදුවනු ඇති.

මේ සදහා පැමිණෙන සංක්‍රමණික ආයතන විසින් මෙම රටවල් වලට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ලබාදීමට සූදානමින් පසුවන බව සදහන්.
නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීමට අදාල සේවා රැසක් මෙදිනට එන ශ්‍රී ලාංකිකයින්ට හිමිවනු ඇති.
ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කර දීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය Sponsor සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.
එදිනට මෙම සියලු සේවාවන් සපයනු ලබන්නේ නොමිලේ වන අතර Aus Lanka TV මාධ්‍ය ආයතනය ඒ සදහා සත්කාරකත්වය දක්වනවා.
මෙවර එම අවස්ථාව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සංක්‍රමනිකයින්ට පමණක් නොව නවසීලන්තයට යෑමය අපේක්ෂා කරන සංක්‍රමණිකයි සදහා ද අවස්ථාව විවර කර දී තිබෙනවා.
ඔස්ට්‍රේලියා – නවසීලන්තය යෑමට අපේක්ෂා කරන විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන බැවින් නිවැරදි මාර්ගයකින් එම රටවලට පැමිණීම සඳහා ඔවුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය Aus Lanka TV Education Migration Expo සැලසුම් කර ඇත්තේ.
324-10 Havelock Rd, Colombo 5 හි පිහිටි Havelock City Mall හිදී මාර්තු 22 සෙනසුරාදා පෙරවරු 9 සිට රාත්‍රී 7.30 දක්වා පැවත්වෙන මෙම වැඩසටහන මගින් සම්පුර්ණයෙන්ම නොමිලේ සේවාවන් ලබාදීම විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර තොරතුරු 077 3712100 අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.