
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී නවක පිතිකරු Sam Konstas ට ආරම්භක පිතිකරණ භූමිකාව අහිමි වී තිබෙනවා.
ඔහු වෙනුවට හෙට (29) ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරන්නේ ට්‍රැවිස් හෙඩ් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ට්‍රැවිස් හෙඩ් මීට පෙර පිතිකරණයේ යෙදුණු ස්ථානය මේ වනවිට පුරප්පාඩු වී ඇති බවයි සදහන් වන්නේ.

නමුත් එම ස්ථානයේ ක්‍රීඩා කිරීම සදහා Sam Konstas ට අමතරව Nathan Mcsweeney, Cooper Connolly සහ Josh Inglis වැනි පිතිකරුවන් රැසක් සිටින බවයි දැක්වෙන්නේ.
පසුගිය ඉන්දීය තරගවලියේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස Sam Konstas දක්ෂ ලෙස ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.