
ඔස්ට්‍රේලියාව තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයේ යම් ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා.
ඒ අනුව ෆෙඩරල් රජයේ නව සංඛ්‍යා දත්ත ඔස්සේ අනාවරණය වී ඇත්තේ පසුගිය වසර තුළදී පමණක් මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1300 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රජයේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන පර්යේෂණ ආර්ථික විද්‍යා කාර්යංශ දත්තවලට අනුව 2023 වර්ෂයේ දී එම අගය සටහන් වී ඇත්තේ 1258 ක් ලෙසයි.

මේ අතර 2024 වසරේ දෙසැම්බර් මාසය දක්වා ගතවූ මාස තුනක කාල සීමාව තුළ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 359 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.
ප්‍රාන්ත වශයෙන් ගත් කළ මාර්ග අනතුරු හේතුවෙන් වැඩිම පුද්ගලයන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එම අගය 340 ක් බවයි දැක්වෙන්නේ.

එම කාලසීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් 340 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
කෙසේ වෙතත් 2023 වසරට සාපේක්ෂව වික්ටෝරියා ප්‍රාන්තය තුළ පසුගිය වර්ෂයේ දී මාර්ග අනතුරු හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 5% කින් අඩු වී තිබීම ද කැපී පෙනෙනවා.