
ඩොලර් මිලියනයක හිමිකරු සොයා නිව්සවුත් වේල්ස් පොලීසිය පුවත්පත් දැන්වීමක් පළකර තිබෙනවා.
පසුගියදා ස්ටර්ට් අධිවේගී මාර්ගයේදී (Sturt Highway ) සුදු පැහැති වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ එහි රියදුරු නිව්සවුත් වේල්ස් අපරාධ කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
රියදුරු එම මුදල තමන්ගේ නොවන බවට පවසා ඇති අතර දින 60 ක කාලයක් තුළ ඩොලර් මිලියනයට හිමිකරුවෙකු නොමැති වුවහොත් එම මුදල් සහ වත්කම් රාජසන්තක වනු ඇති බවයි පුවත්පත් දැන්වීමේ දැක්වෙන්නේ.

නමුත් නිව්සවුත්වේල්ස්හි සහකාර කොමසාරිස් ලෝලස් පැවසුවේ එම මුදල සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ විය හැකි බැවින් කිසිවෙකුත් එම මුදල් ඉල්ලා නොඑනු ඇති බවයි.
පසුගිය වසරේ වත්කම් රාජසන්තක කිරීමේ නිවේදන 18 ක් නිකුත් කළ අතර ඒවායේ හිමිකාරිත්වය ඉල්ලා කිසිවෙකුත් නොපැමිණි බවද වැඩිදුරටත් සඳහන්.

එම රාජසන්තක කළ මුදල් සහ වත්කම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට, අපරාධ වැලැක්වීමේ හා ප්‍රජා වැඩසටහන් සඳහා ද මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන් වෙනුවෙන් ද යොදවන බව සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් කියාසිටියා.