
මෙල්බන් හි පාතාල නායකයෙක් ලෙස නම් දරා ඇති සෑම් අබ්දුල්රහිම් නොහොත් ද පනිශර් (Sam ‘The Punisher’ Abdulrahim) නැමැත්තා අද උදෑසන ප්‍රෙස්ටන්හිදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අද උදැසන 10.30 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට ලැබුණු තොරතුරක් මත හදිසි සේවා කැඳවා තිබුණා.
එම විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ වසර ගනනක් මෙල්බන් හි දරුණු ඝණයේ අපරාධ රැසකට වගකිවයුතු අපරාධ කරුවෙක් බවයි.

අවස්ථා කිහිපයක දී පොලිස් ග්‍රහනයෙන් මිදීමට මෙම පාතාල කල්ලි නායකයා සමත්ව තිබුණා.
සිද්ධියත් සමග මෙල්බන් හි නැගෙනහිර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව සදහන්.

වෙඩි තැබීමට යොදාගත් වාහනයක් ද මේ වන විට පොලීසිය විසින් සොයාගෙන ඇති අතර පාතාල කල්ලි නායකයාගේ පපු ප්‍රදේශයට සෘජු වෙඩි උණ්ඩ 4ක් වැදි ඇති බවට දැක්වෙන ජායාරූප පෙලක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.