Search

අධ්‍යාපනයේ ප්‍රමිතිය වැඩිකිරීමේ යෝජනාවක්

රටේ ඵලදායිතාව පවත්වාගැනීමට නම් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවිය යුතු බව ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලය පවසනවා.

නිවාස, බලශක්ති සහ ඩිජිටල් ආර්ථිකය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල නිපුණතා හිඟය අනාගත ශ්‍රම බලකාය තුළ ඔස්ට්‍රේලියාවට අවශ්‍ය මූලික කුසලතා නොමැතිවීම උග්‍ර වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ඒ හේතුවෙන් සෑම ද්විතීය පාසලකම වෘත්තීය උපදේශකයකු පත් කළ යුතු බව ඔස්ට්‍රේලියා ව්‍යාපාරික කවුන්සිලය පෙන්වාදෙනවා.

එමගින් අනාගත රැකියා අවස්ථා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වන බවයි ව්‍යාපාරික කවුන්සිලය පැවසුවේ.

එමෙන්ම පාසල්වල ගණිතය, කියවීම සහ විද්‍යාව විෂයන් සඳහා සිසුන්ගේ උනන්දුව පහත වැටීම කනස්සල්ලට හේතුවක් බව ඔවුන් සඳහන් කළා.

පාසල් සඳහා අරමුදලක් වෙන්කිරීමට පසුගියදා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි කටයුතු කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ පාසල් සඳහා යොදවන මුදල් රටේ අනාගතය ආයෝජනයක් බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »