Search

නව පාසැල් වාරයේ ළමුන්ගේ ඡායාරූප FB දාන්න එපා! ෆෙඩරල් පොලීසියෙන් නිවේදනයක්

නිවාඩු කාලයයෙන් පසු දරුවන් නැවත පාසලට යන විට,ඊට අදාළ දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ පළ කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සෑම නව පාසැල් වාරයක් ආරම්භයේම දරුවන් නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප සාමාජ මධ්‍ය වල පල කිරීමට ඔස්ට්‍රේලියානු දෙමාපියන් සූදානම් වීම මීට හේතුවයි.

අන්තර්ජාලය තුළ විවිධ පුද්ගලයින් ගැවසෙන බැවින් ඔබේ දරුවා පාසැල් ඇදුමින් සැරසී සිටින ඡායාරූප අපරාධයන් සදහා භාවිත කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි අවධාරණය කර ඇත්තේ.

දෙමාපියන් නොසිතා එසේ පල කරන ඡායාරූප මගින්

ඔබේ දරුවා යම් අනතුරක හෙළීම ඔබ විසින්ම කරන ලද්දක් බවට එමගින් පත්වනු ඇති.

ෆෙඩරල් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දෙමාපියන් නව පාසැල් වාරයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවදානයක් යොමුකළ යුතු බවයි.

ළමුන්ගේ ජායාරූප වංචනිකයින් විසින් අසභ්‍ය දර්ශන සදහා යොදාගත් බවට ලැබෙන පැමිණිලිත් සමග මෙම නිවේදනය නිකුත් කිරීමට ෆෙඩරල් පොලීසිය කටයුතු කළා.

එසේ පළකරන පින්තූර මගින් දරුවා යන පාසැල, ජායාරූප ගන්නා වටපිටාව අනුව අනන්‍යතාව හෙළිවීම ද එමගින් නොයෙක් අපරාධ සදහා මුලික විය හැකි බව පොලීසිය පවසනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »