
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද සුළි කුණාටු සමග අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා අංශය පවසනවා.
ඊයේ රාත්‍රියේ (Cairns, Ayr town) සිට කෙයාන්ස් සහ අයර් නගරවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවන්නේ.
එමෙන්ම උතුරු ක්වීන්ස්ලන්ඩ්හි වෙරළබඩ මායිම් ප්‍රදේශවල, පැය 24 ක් තුළ මිලිමීටර් 200 ත් 300 ත් අතර වර්ෂාපතනයක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වාදෙනවා.

ඉදිරි දින හත තුළ කැසෝවරි වෙරළ තීරයට මිලිමීටර් 1000 කට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යාඥයින් කියාසිටියා.
ක්වින්ස්ලඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල ගංගා ජල මට්ටම ඉහළ ගොස්, හදිසි ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින් ආපදා කළමණාකරණ නිලධාරීන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙත් සෙල්සියස් අංශක 30 ත් 42 අතර දැඩි උෂ්ණත්වයක් මේ වනවිටත් නිව්සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්තවලට බලපා තිබෙනවා.