Search

ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න මිල අඩුම නගරය නම් කෙරේ

ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට මිල අඩුම නගරය මෙල්බන් බව නවතම Timeout සගරා වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා.

දෛනික ජීවිතය සදහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල පසුගිය වසරට සාපේක්ෂව මෙවර දෙගුණයකින් ඉහළයෑමත් සමග සාමාන්‍ය ජීවිතය ගත කිරීමට පවා ඔස්ට්‍රේලියානුවන් අර්බුදය රැසකට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ.

ලොව පුරා නගර 218ක් අධ්‍යනය කරමින් ලොව ජීවත්වීමට අඩුම මිලක් සහිත නගරය ලෙසට මෙල්බන් නගරයට හිමිව ඇත්තේ 42වන ස්ථානයයි.

මෙල්බන් මිල අඩුම නගර ලෙස නම් කෙරුණද එම ගෝලීය වාර්තා අනුව ලොව මිල අධිකතම නගර 50 අතුරින් 6ක් ඔස්ට්‍රේලියාවේ නගර ලෙස නම් කර තිබීමද විශේෂත්වයක්.

සෑම මාස 6කට වරක් Numbeo (නම්බිඕ) සමාගම ලොව ජීවත්වීමට වඩාත් මිල අධික නගර පිළිබද අධ්‍යනය සිදු කෙරෙන අතර කැන්බරා අගනුවර ඔස්ට්‍රේලියාවේ මිල අධිකතම නගරය ලෙසයි නම් කර ඇත්තේ.

කැන්බරා නගරයට ගෝලිය දර්ශන අනුව හිමිව ඇත්තේ 12වන ස්ථානයයි.

ඇඩිලේඩ් ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ මිල අධිකතම දෙවන නගරය වන අතර ගෝලීය වශයෙන් ඇඩිලේඩ් ප්‍රාන්තයට හිමිව ඇත්තේ 20වන ස්ථානයයි.

සිඩ්නි නගරයට ගෝලීය වශයෙන් හිමිව ඇත්තේ 24වන ස්ථානයයි.

පර්ත්, ඔස්ට්‍රේලියාවේ සිව්වන මිල අධිකතම නගරය වන අතර ගෝලිය වශයෙන් එයට හිමිව ඇත්තේ 32වන ස්ථානයයි.

බ්‍රිස්බේන් ලොව මිල අධිකතම නගර අතර 40වන ස්ථානයට හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව ලොව ජීවත් වීමට මිල අධිලතම නගරය වන්නේ ස්විට්සර්ලන්තයේ Geneva (ජෙනේවා) නගරය වන අතර දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයේ Zurich (සූරිච්) හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »