Search

ෆෙඩරල් මැතිවරණය ගැන කම්කරු පක්ෂයට අවාසි දායක වාර්තාවක්

ඉදිරියේ දී පැවැත් වීමට නියමිත ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් නවතම Newspoll ප්‍රතිඵල හරහා අනාවරණය වී ඇත්තේ පාලක කම්කරු පක්ෂයට මෙවර ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර වනු ඇති බවයි.

මෙවැනි පසුබිමක් තුළ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය තමන් සුළුවෙන් නොසලකන බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් මාධ්‍ය වෙත අවධාරණය කර ඇත්තේ.

නවතම Newspoll ප්‍රතිඵල හරහා පෙන්නුම් කෙරෙන්නේ පාලක කම්කරු පක්ෂයේ ප්‍රාථමික ඡන්ද (Primary Vote) ප්‍රතිශතය 31% ක් දක්වා පහත වැටී ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට විපක්ෂ ලිබරල් සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය 39% ක් ලෙස එහි සටහන් වී තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් පසුගිය ෆෙඩරල් මැතිවරණයේ දී කම්කරු පක්ෂයේ ප්‍රාථමික ඡන්ද පදනම 32.5% ක් ලෙස ද විපක්ෂ ලිබරල් සන්ධානයේ ප්‍රාථමික ඡන්ද පදනම 35.5% ක් ලෙස සටහන් වී තිබුණා.

එවැනි පසුබිමක දී 2022 වසරේ පැවති ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබුවේ වත්මන් පාලක කම්කරු පක්ෂය විසිනුයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »