Search

Greater Geelong ණය අර්බුදය විසදීමට නව ප්‍රතිපත්තියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Greater Geelong නගරය තුළ උද්ගතව පවතින ණය අර්බුදය විසදීම සදහා නව ප්‍රතිපත්තියක් සලකා බැලීමට නව නගරාධිපතිවරයා විසින් සූදානම් වනවා.

ඒ අනුව ඩොලර් මිලියන 190 ක ණය ප්‍රමාණයක් පියවීම වෙනුවෙන් කවුන්සිලය සතුව පවතින දේපල අලෙවි කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවටයි නගරාධිපති Stretch Konteji විසින් ප්‍රකාශ කර ඇත්තේ.

පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෑතකදී ඩොලර් මිලියන 102 ක වියදමින් ඉදි කරන ලද සිවිල් මූලස්ථානය වෙන්දේසි කිරීමට ද සිදු විය හැකියි.

Greater Geelong නගර කවුන්සිලය සතුව මේ වනවිට දේපල 850 ක ප්‍රමාණයක් පවතින බවයි පැවසෙන්නේ.

කවුන්සිලය සතුව පවතින එම දේපලවල වටිනාකම ඩොලර් බිලියන 4.8 ක් පමණ වන බව ද සදහන්.

එම දේපල අතරින් නගරයට අවශ්‍ය නොවන යැයි සලකනු ලබන දේපල අලෙවි කිරීමටයි කවුන්සිලයේ අදහස වී ඇත්තේ