
ඔස්ට්‍රේලියා දිනයට (Australia Day) සමගාමීව ශ්‍රී ලාංකිකයන් රැසකට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි වී තිබෙනවා.
එදින ප්‍රධාන උත්සවය අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණේ ඔස්ට්‍රේලියාවේ ජාතික අගනුවර වන කැන්බරා හීදී යි.
උත්සව සභාවේ දී ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සදහා පැමිණ සිටි අය අතරින් ශ්‍රී ලාංකිකයින් ද ඇතුලුව සංක්‍රමණිකයන් 24 දෙනෙකුට අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් පුරවැසිභාවය ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුව තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් අවසන් වරට යාවත්කාලීන් කළ දත්ත වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයන්ගේ රටවල් අතර ශ්‍රී ලංකාවට හිමි ව තිබුණේ 08 වන ස්ථානයයි.
එහිදී වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් Skill සහ Family යන වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබීම ද විශේෂත්වයක්.

එම දත්ත වාර්තාවට අනුව Skill යටතේ ශ්‍රී ලාංකිකයන් 4688 ක් ද Family යටතේ ශ්‍රී ලාංකිකයන් 975 ක් ද ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි කර ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් ඉදිරියේ දී එම සංඛ්‍යා දත්ත වෙනස් වනු ඇති ඇති බව ද වැඩිදුරටත් සදහන්.