Search

වික්ටෝරියා ප්‍රසිද්ධ වනෝද්‍යානයක ලැව් ගින්නක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Little Desert ජාතික වනෝද්‍යානය තුළ ලැව් ගිනි තත්වයක් ඇතිවී තිබෙනවා.

මෙල්බන් සිට කිලෝමීටර් 375 ක් පමණ බටහිරට වන්නට පිහිටි මෙම කලාපය තුළ ඇතිවූ ලැව් ගිනි තත්වය තරමක් ක්‍රියාකාරී වන බවයි ගිනි නිවන භටයින්ගේ අදහස වී ඇත්තේ.

මේ හේතුවෙන් Dimboola ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ලැව් ගිනි තත්වයෙන් ඈත් වී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසට බලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම Wail සහ Pimpino යන ප්‍රදේශවල ජනතාවට ද ඉන් ඉවත්වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

අවතැන් වූවන් වෙනුවෙන් Horsham හි ජ්‍යේෂ්ඨ පුරවැසි මධ්‍යස්ථානය තුළ සහන මධ්‍යස්ථානයක් ද විවෘත කර තිබෙනවා.

ඊයේ (27) දිනයේ දී වැඩිම උෂ්ණත්වයක් සටහන් වී තිබුණේ Mildura ප්‍රදේශයේ වන අතර එම අගය සෙල්සියස් අංශක 44.1 ක් බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් අද දිනයේ දී මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් පමණ වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »