
රට තුළ පවතින හෙද සේවක හිඟය පිළිබදව සැලකිල්ලට ගනිමින් ෆෙඩරල් රජය විසින් විශේෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හරහා විදේශීය හෙද වෘත්තිකයින්ට මෙරට තුළ සේවය කිරීම සදහා අවස්ථාව හිමි වන බවයි දැක්වෙන්නේ.
2035 වසර වනවිට ඔස්ට්‍රේලියාව තුළ හෙද සේවයේ 70,000 ක පමණ සේවක හිඟයක් ඇති වන බවටයි පුරෝකතනය කෙරෙන්නේ.

අදාළ යෝජනා ක්‍රමය යටතේ ඇමෙරිකාව, එංගලන්තය, අයර්ලන්තය, සිංගප්පූරුව සහ ස්පාඤ්ඤය යන රටවල හෙද සේවයේ නියැලෙන්නන්ට ඔස්ට්‍රේලියාව තුළ හෙද සේවය සදහා ලියාපදිංචිය ලබාගැනීමට අයදුම් කළ හැකියි.
මීට පෙර ඒ සදහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සදහා පමණක් මාස 12 ක කාලසීමාවක් ගත වී තිබෙනවා.

කෙසේ වෙතත් ෆෙඩරල් රජය විසින් හදුන්වා දීමට නියමිත මෙම නව යෝජනා ක්‍රමය ඔස්සේ එම ක්‍රියාවලිය සදහා මාස 06 ක කාල සීමාවක් පමණක් ගත වීම ද විශේෂත්වයක්.