
Big Bash (BBL) ලීග් (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27) පැවැත් වුණා.
ඒ Sydney Thunders සහ Hobart Hurricanes යන කණ්ඩායම් අතරයි.
හෝබාර්ට් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Hobart Hurricanes කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි Sydney Thunders කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07 ක් පමණක් දැවී ලකුණු 182 ක් රැස් කළා.
Sydney Thunders වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jason Sangha පන්දු 42 කදී අගනා ලකුණු 67 ක් කණ්ඩායම වෙනුවෙන් එක් කිරීමට සමත් වුණා.

ලකුණු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Hobart Hurricanes කණ්ඩායම පන්දු වාර 14 පන්දු 01 ක් තුළ එම ඉලක්කය පසු කර ගියා.
Hobart Hurricanes කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගිය Mitchel Owen පන්දු 41 කදී වේගවත් ලකුණු 108 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
ඔහුගේ ඉනිමට හයේ පහර 11 ක් සහ හතරේ පහරවල් 04 ක් ද ඇතුලත්.
ඒ අනුව මෙවර Big Bash ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ Hobart Hurricanes කණ්ඩායමයි.