Search

සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට වික්ටෝරියාවෙන් අලුත් වැඩපිළිවෙලක්

2025 වසරේදී සංචාරකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙලකට වික්ටෝරියා බලධාරීන් සූදානම් වනවා.

මෙම වසරේ වික්ටෝරියාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, සංස්කෘතිකාංග සහ ලෝක මට්ටමේ ක්‍රීඩා හේතුවෙන් ප්‍රදේශයේ සංවර්ධන රැසක් ක්‍රියාත්මක වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

එබැවින් මෙල්බන්හි අන්තර්ජාතික ආයෝජන දිරිගැන්වීම් බහුතරයක් ආරම්භ කිරීමට නියමිත බවයි බලධාරීන් කියාසිටින්නේ.

සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ෂණය කිරීම සඳහා මෙම වසරේ එක්ලක්ෂ පනස් දහසකට අධික හෝටල් කාමර ප්‍රමාණයක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර ස්නායු මනෝචිකිත්සක ලෝක කොන්ග්‍රසය, කාර්මික ඉංජිනේරු හා ඉංජිනේරු කළමනාකරණය පිළිබඳ IEEE ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, සිවිල් ඉංජිනේරු විද්‍යා පිළිබඳ 9 වන ජාත්‍යන්තර සම්න්ත්‍රණය සහ ලෝක පිළිකා නායකයින්ගේ සමුළුව 2025 වසරේදී මෙල්බන්හි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

15 වන ICCA ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව බොස්ටන්, සෝල්, බැංකොක්, ඉස්තාන්බුල් සහ ටෝකි‍යෝ වැනි ප්‍රධාන නගරවලට වඩා මෙල්බන් ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »