
නව ඔස්ට්‍රේලියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් පුද්ගල පරිභෝජනයට සුදුසු සත්ව කිරි නිෂ්පාදන පිළිබද නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
Edith Cowan විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යනය සිදු කර ඇති අතර මෙම පර්යේෂණ කණ්ඩායමට ශ්‍රී ලාංකේය PhD සිසුවෙක් වන
මනුජය ජයමාන්න මොහිට්ටිගේ නැමති සිසුවාද ඇතුලත් වීම විශේෂත්වයක්.
මෙම පර්යේෂණ කණ්ඩායම විසින් එළ කිරිවට සාපේක්ෂව ඔටුකිරි වල ගුණාත්මකභාව ඉහළ බවයි ඔවුන් සොයාගෙන ඇත්තේ.

දැනට වෙළෙඳපලේ වැඩිම පරිභෝජනයක් සිදුවන්නේ එළකිරිවල වන අතර ඔටු කිරිවලට සාපේක්ෂව එළකිරිවල මිල ඔස්ට්‍රේලියාවේ පහළ අගයක් ගැනීම ඊට හේතුව බව සදහන්.
මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ බඩවැල් වලට හානිකර එන්සයිම වලින් ආරක්ෂා කිරීමේ ගුණය ඔටු කිරි වලට පවතින බවයි.

ඔටු කිරි මගින් සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවීමේ හැකියාව පවතින බව අධ්‍යන මගින් තහවුරු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනුජය සදහන් කළේ මේහි සක්‍රීයතාව පිළිබද පර්යේෂණ තවදුරටත් සිදුකරන බවයි.
මෙමගින් පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න බඩවැල් පද්ධතියක් පවත්වාගෙන යෑමය උදව් කරන අතර අනාගතයේදී හෘද වාහිනී රෝග වර්ධනය වීමේ අවදානම අඩු කිරීමේ හැකියාව ගැනද අධ්‍යන සිදුකරන බව PhD ශිෂ්‍ය මනුජය ජයමාන්න මොහිට්ටිගේ පවසනවා.