Search

පිළිකා ගැන ඔස්ට්‍රේලියා විද්‍යාඥයන්ගෙන් නවතම අනාවරණයක්

health

පිළිකා ඇතිවීමට තවත් හේතුවක් ඔස්ට්‍රේලියා විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.

(circular RNA) සර්කියුලර් ආර්. එන්. ඒ නම් අපගේ ශරීරයේ ඇති කුඩා මූලද්‍රව්‍යයක් පිළිකා වර්ධනයට අවශ්‍ය කාර්යභාරය සිදුකරන බවයි ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාල පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

ආර්.එන්.ඒ (circular RNA) නම් මෙම ජාන DNA සමඟ ක්‍රියාකරමින් සාමාන්‍ය සෛල වේගයෙන් පිළිකා වැනි රෝග බවට හැරවීමට බලපාන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණය සඳහා මෙම පර්යේෂකයින් අලුත උපන් ලියුකේමියා රෝග සහිත දරුවන් සහ ලියුකේමියා වර්ධනය නොවූ ළදරුවන් යොදාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් හඳුනා ගෙන ඇත්තේ රුධිර පිළිකා සහිත දරුවන්ගේ සර්කියුලර් ආර්.එන්.ඒ ජාන ඉහළ මට්ටමක පවතින බවයි.

මෙම සොයාගැනීම පිළිකා රෝග සඳහා ප්‍රතිකාර හෝ එය වැලැක්වීමේ උපාය මාර්ග සඳහා විවෘත වන අතර සර්කියුලර් ආර්.එන්.ඒ ජානය අනෙක් රෝග වලට ද බලපාන්නේ දැයි පර්යේෂණය කිරීම ආරම්භ කරන බව ඔස්ට්‍රේලියා විද්‍යාඥයින් වැඩිදුරටත් කියාසිටියා.