
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ පහක අද දිනයේ දී මුළුමනින්ම එළිමහන් ගිනි තැබීම් තහනම් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වික්ටෝරියාහි ප්‍රදේශ කිහිපයක අද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් මීට පෙර අනාවැකි පළකළා.
මලී, විම්මේරා, මධ්‍යම, උතුරු මැද සහ නිරිත දිග දිස්‍ත්‍රික්වල (Mallee, Wimmera, Central, North Central and South West districts) එළිමහනේ ගිනි නොදල් වන ලෙසයි ගිනි නිවීමේ අධිකාරිය ඉල්ලා සිටින්නේ.

පවතින උණුසුම් සහ වියළි සුළං හේතුවෙන් ගිනි අවදානම් ස්ථානවල කඳවුරු බැඳගෙන හෝ නිවාඩු ගත කරන්නන්ට අවධානයෙන් පසුවන ලෙසද ඔවුන් පැවසුවා.
පසුගිය වසරේ ගිනි ගැනීම් අනතුරු ඇඟවීම නොසලකා හැරීමෙන් කඳවුරු ගිනි ගැනීම් 40 ක් පමණ වාර්තා වූ බවයි ගිනි නිවීමේ අධිකාරිය කියාසිටියේ.

අද උදෑසන සිට උතුරේ සුළං ශක්තිමත් වන අතර බටහිර වික්ටෝරියා හි දහවල් කාලයේ සිට නිරිත දෙසට සුලග හමායන අතර මෙල්බන්හි සවස් වරුවේ ද පසුව නැගෙනහිර වික්ටෝරියා වෙත ද සුළං හමායනු ඇතැයි කාලගුණ අංශය පවසනවා.