
ඔස්ට්‍රේලියා දිනයට සමගාමීව රට තුළ මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මක කරන බව පොලිස් මෙහෙයුම් අංශය පවසනවා.
රථවාහන හා අධිවේගී මාර්ග විධාන නිලධාරීන්, පොලිස් ප්‍රවාහන විධාන නිළධාරීන්, මෙහෙයුම් සහායක කණ්ඩායම්, මහජන සාමය සහ කැරලි මර්දන බලකාය, සුනඛ ඒකකය ඇතුළු විශේෂඥ ඒකක, සාමාන්‍ය රාජකාරී නිලධාරීන් සහ ජල පොලිසිය ද මහජන ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මෙහෙයුම් අණදෙන නිලධාරී, සහකාර කොමසාරිස් ගැවින් වුඩ් පැවසුවේ.
ඊයේ බහුතරයක් ආරක්ෂිතව හා වගකීමෙන් යුතුව උත්සවය සැමරීම ද ඔහුගේ ප්‍රශංසාවයට ලක්වුණා.

ඊයේ දිනයේ පිහි ඇණුම්, පහරදීම් සහ අපහාසාත්මක හැසිරීම් පිළිබඳ සිද්ධීන් ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා 5 ක් ගොනුකර තිබෙනවා.
දිගු සති අන්තය අඛණ්ඩව පවතින බැවින් ජනතාවට ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් රට පුරා යොදවා ඇති බවයි සහකාර කොමසාරිස්වරයා කියාසිටියේ.

ඒ හේතුවෙන් සාමයෙන් සහ වගකීමෙන් හැසිරෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.