
ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ විලාසිතා සන්නාමයක් වන rivers පාඩු ලැබීම හේතුවෙන් කඩා වැටීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා පිහිටි rivers වෙළඳසැල් 130කට වැඩි ප්‍රමාණයක් වැසෙන අතර රැකියා 650ක් පමණ අහිමිවනු ඇති බව සදහන්.
මෙම වෙළදසැල් පසුගිය දෙසැම්බර් මස සිට වසා දැමීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

1863 දී පාවහන් සමාගමක් ලෙස ආරම්භ කර ඇති රිවර්ස් වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියානුවන් අතර හුරුපුරුදු නමක් ලෙස සදහන් වනවා. රිවර්ස් සඳහා සුදුසු ගැණුම්කරුවෙක් සොයා ගැනීම අසාර්ථක වීමත් සමග මෙම තත්වය උදා වූ බවයි rivers හි පාලනාධිකාරිය සදහන් කළේ. වසර ගණනාවක් පුරා, rivers සන්නාමය පුළුල් පරාසයක ඇඳුම් සහ උපාංග ඇතුළත් කරමින් සිය නිෂ්පාදන පුලුල් කර බව සදහන්. බොහෝ ඔස්ට්‍රේලියානුවන් රිවර්ස් සන්නාමයන් හි දැරිය හැකි මිල සහ නවීන විලාසිතා හේතුවෙන් වැඩි ආකර්ෂණයක් ගත් වෙළද සන්නාමයක් ලෙස පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වනවා.