Search

ඊලෝන් මස්ක් TikTok මිළදී ගැනීමට ලංසු තබයි

TikTok සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සදහා ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලෝන් මස්ක් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

“මිස්ටර් බීස්ට්” නමින් ප්‍රසිද්ධ ජිම් ඩොනල්සන් මෙන්ම ඔරකල් සමාගමේ සභාපති ලැරී එලිසන් ද ඒ සදහා ලංසු ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඉකුත් දා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ TikTok තහනම් කිරීම සදහා පියවර ගත්ත ද අභිනව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok යෙදුමට තවත් දින 75 ක් දක්වා එරට තුළ ක්‍රියාත්මක වීමට අවකාශය සලසා දුන්නා.

මේ අතර බ්ලූම්බර්ග් විසින් වාර්තා කර තිබුණේ චීනය විසින් ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් ට TikTok සමාජ මාධ්‍ය ජාලය විකිණීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බවයි.

කෙසේ වෙතත් X සමාජ මාධ්‍ය ජාලය චීනය තුළ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි ඊලෝන් මස්ක් විසින් අවධාරණය කර ඇත්තේ.

TikTok සමාජ මාධ්‍ය ජාලය ඊලෝන් මස්ක් හෝ ලැරී එලිසන් විසින් මිලදී ගැනීමට තීරණය කළ හොත් තමන් ඊට කැමති බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »