
ඉදිරි ඔස්ට්‍රේලියා ෆෙඩරල් අයවැය ප්‍රකාශයට පත් කරන දින වකවානු සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන මාර්තු 25 වනදා බවයි දැක්වෙන්නේ.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු විසින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

ඊට ප්‍රවේශමෙන් පිළිතුරු ලබා දුන් ඇන්තනී ඇල්බනීස් විසින් අවධාරණය කර ඇත්තේ “මාර්තු 25 වනදා එය සැලසුම් කර තිබෙන බවයි.”
එහිදී ඔහු එදිනට අයවැය ප්‍රකාශ කරනවාද නැද්ද යන වග තහවුරු කර තිබුණේ නැහැ.

මේ හේතුවෙන් දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන්නේ මැයි මාසයට පෙර ඉදිරි ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි.