Search

අද මෙල්බන් උෂ්ණත්වය 42°C උපරිම අගයකට

අද දින (26) වික්ටෝරියා ප්‍රාන්තයේ කාලගුණික තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක අද දිනය තුළ උණුසුම් කාලගුණික තත්වයක් පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාප තරංග (Heatwaves) තත්වයන් ඇති විය හැකියි.

අද දිනයේ දී මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක උපරිම අගයකට ගමන් කළ හැකි බවටයි අනාවැකි පළ වී ඇත්තේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල අද පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇති විය හැකියි.

කෙසේ වෙතත් අද සවස් භාගය වන විට උෂ්ණත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බවටයි එහි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »