
ලොව එක් එක් රටවල රාජ්‍ය නායකයන්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් එම රටවල ජනතාව පළ කරන අනුමැතිය සම්බන්ධ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඒ World of Statistics වෙබ් අඩවිය විසිනුයි.
මෙහිදී ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් මහජනතාවගේ අනුමැතිය ලබා දීමේ ප්‍රතිශතය 45% ක් බවයි දැක්වෙන්නේ.

එල් සැල්වදෝරයේ ජනපති Nayib Bukele ට එහි පළමු ස්ථානය හිමිව තිබෙන අතර ඔහු ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් එරට මහජනතාවගෙන් 94% ක ප්‍රතිශතයක් අනුමැතිය ලබා දීම ද විශේෂත්වයක්.
එමෙන්ම රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ට මෙහි දෙවන ස්ථානය හිමිව තිබෙන පසුබිමක ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි රුසියානු වැසියන් 78% කගේ අනුමැතිය හිමිවන බවයි සදහන් වන්නේ.

මෙම ලැයිස්තුවේ තුන්වන සහ සිව් වන ස්ථාන පිළිවෙලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට සහ මෙක්සිකෝවේ ජනපති Claudia Sheinbaum Perdo ට ලැබී තිබෙනවා.
එහිදී ඔවුන් දෙදෙනා වෙත 74% ක සහ 65% ක ප්‍රතිශතයක් හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.