
ICC විසින් නම් කළ 2024 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කමිදු මෙන්ඩිස් ට හිමි වී තිබෙනවා.
ඒ 2024 වර්ෂය පුරාම පුරාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් වීම ද විශේෂත්වයක්.
ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති කමිදු මෙන්ඩිස් විසින් ඉනිම් 17 කදී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1110 ක්.

ඊට ශතක 5 ක් සහ අර්ධ ශතක 4 ක් ඇතුලත්.
එක්දින තරග 17 කට ක්‍රීඩා කර ඇති ඔහු ඉනිම් 16 කදී රැස් කර තිබෙන සමස්ත ලකුණු ප්‍රමාණය 344 ක් වීම ද විශේෂත්වයක්.

T20 තරග රටාව තුළ ද තරග 23 ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කමිදු ඉනිම් 21 කදී ලකුණු 381 ක් රැස් කර තිබෙනවා.