
සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
2022 වසරේ “කිසිවෙකු ඉතිරි කර නැත” යන සටන් පාඨය යොදාගනිමින් ඔහු මැතිවරණ රැළි පවත්වනු ලැබුවා.
නමුත් අග්‍රාමාත්‍යවරයා ඉදිරි මැතිවරණයට පෙර ඩොලර් මිලියන 4.2 ක සුඛෝපභෝගි නිවසක් මිලදී ගැනීම විපක්ෂයේ විවේචනයට ලක්ව තිබෙනවා.

ස්කයි නිව්ස් සමග පැවති සාකච්ඡාවකදී ඇල්බනීස් කියාසිටියේ ඕස්ට්‍රේලියානු ජනතාවට දුන් පොරොන්දු කිසිවිටෙකත් පාවා නොදෙන බවයි.
තමන් ඡන්ද දායකයින්ගේ විශ්වාසය බිඳ නොමැති බවත් මිනිසෙකු ලෙස මා ගන්නා සෑම තීරණයක්ම දේශපලනික තීරණ නොවන බවත් අග්‍රාමාත්‍යවරයා කියාසිටියා.

පසුගියදා අග්‍රාමාත්‍යවරයා කොපකබානා නිවාස (Copacabana home) වල මිල ඩොලර් මිලියන 4 කට වඩා වැඩි මුදලක් පහත හෙළීමට කටයුතු කළ නමුත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස මිලට ගැනීම පිළිබඳ කිසිදු සහනයක් දී නොමැති බවයි වාර්තා වන්නේ.