
2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ලබන බදාදා සිට ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.
මුත්තයියා පවසන්නේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අඩුපාඩුවලට විසඳුම් ලබාදීමත් පරාජයේදී පවා ඔවුන් ඒ වෙනුවෙන් සටන් වදින ආකාරයත් කණ්ඩායමේ උන්නතියට හේතු වී ඇති බවයි.

තණ තීරුව අපට හුරු එකක් වීමේ වාසිය ද ශ්‍රී ලංකා කණ්ඩායම දිනවීමට රුකුලක් වනු ඇතැයි ඔහු පෙන්වාදෙනවා.
අභාවප්‍රාප්ත දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ගේ නමින් මෙවර කුසලානය නම්කර ඇති අතර මුරලිදරන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා පිළේ මෑත කාලීන පුනර්ජීවනය ඔවුන්ගේ දිනවීම ස්ථිර කරනු ඇති බවයි.

ලෝක ටෙස්ට් ශූරයන්ට එරෙහි තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා වන්නේ ධනංජය ද සිල්වා වන අතර පැතුම් නිශ්ශංක, වනිදු හසරංග, කුසල් මෙන්ඩිස් ඇතුලු සුපිරි ක්‍රීඩකයන් රැසක් අවසන් එකොළොස් දෙනා අතරට එක්ව සිටිනවා.