
මෙවර Young Australian of the Year සම්මානය විද්‍යාඥ Katrina Wruck ට හිමි වී තිබෙනවා.
ඇය කාර්මික රසායනික විද්‍යාව සම්බන්ධ විද්වතෙකු ලෙසයි සැලකෙන්නේ.
පතල් කැණීම් කටයුතු අවසානයේ දී ඉතිරි වන අපද්‍රව්‍ය භාවිතා කරමින් ශරිරයට හානිදායක නොවන රෙදි සේදීම සදහා භාවිතා කළ හැකි සේදුම් කාරක (Detergent) වැනි මිනිසාට ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නිපදවීම සදහා Katrina Wruck විසින් කටයුතු කර තිබෙනවා.

ඇය මේ වනවිට ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන බවයි දැක්වෙන්නේ.
තිස් හැවිරිදි වියේ පසුවන Katrina Wruck ස්වදේශීය සම්භවයක් සහිත විද්‍යාඥවරියක් වීම ද විශේෂත්වයක්.

ඊයේ (25) දින කැන්බරා හීදී පැවති උත්සවය අතරතුර දී ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ඇයට හිමි සම්මානය ප්‍රදානය කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.