
රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
2010 සිට 2019 අතර වර්ෂ තුළ තුවාල ලැබූ 20,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මියගිය රියදුරන් 1500 කට වැඩි සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණයෙන් පසුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එහිදී ඔවුන්ගේ රුධිරයේ මත්පැන්, මෙතිල්-ඇම්ෆෙටමින් නැතහොත් අයිස්, එම්. ඩී.එම්.ඒ සහ ගංජා ඇති බවට සොයාගෙන තිබෙනවා.

රිය අනතුරුවලට ලක්වන මෝටර් රථ රියදුරන්ගෙන් සහ යතුරු පැදිකරුවන්ගෙන් සියයට 16.8 ක් අවම වශයෙන් එක් මත්ද්‍රව්‍යයක් හෝ භාවිතා කළ බවට හෙළිවූ බවයි සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ.
අයිස් මත්ද්‍රව්‍ය, මාර්ග අනතුරුවලදී හඳුනාගත් ප්‍රචලිතම නීතිවිරෝධී ද්‍රව්‍යයක් වන අතර එය මරණවලින් සියයට 12.3 ක් සහ තුවාල ලැබූ රියදුරන්ගෙන් සියයට 9.1 ක් බවත් එමෙන්ම ගංජා භාවිත කරන රියදුරන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කළා.

පුද්ගලයන්ගේ මෙම ඇබ්බැහිවීම් වැලැක්වීමට කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව මොනෑෂ් විශ්ව විද්‍යාල අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කතුවරයා අවධාරණය කර තිබෙනවා.