Search

රට පුරා Australia Day සැමරැම් සඳහා සංක්‍රමණිකයින් රැසක් එක්වෙයි

australia Day

ඔස්ට්රේලියා දින උත්සව රට පුරා දැන් ආරම්භ වී තිබෙනවා.

රටවල් 100 කට අධික සංඛ්‍යාවක දස දහස් සංඛ්‍යාත ජනතාවක් අද පුරවැසිභාවය ලබාගැනීමට නියමිතයි.

අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද ආණ්ඩුකාර ජනරාල් සෑම් මොස්ටින් ද අද උදෑසන කැන්බරා හි පැවති රාජ්‍ය නිළ උත්සවයට සහභාගී වූ අතර ඕස්ට්‍රේලියා ෆෙඩරේෂන් ගාඩ් විසින් එහිදී ඔවුන්ව පිළිගෙන තිබෙනවා.

එහිදී ඔස්ට්‍රේලියා දිනය සමරමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ඔබ සහ ඔබේ ආදරණීයන් සමග මෙම මොහොත එකිනෙකාට ගෞරවයෙන් සාමයෙන් ගත කරන ලෙසයි.

එමෙන්ම මෙල්බන් නගර ශාලාවේ පැවැත්වූ පුරවැසි උත්සවයක් සඳහා සිය ගණනක් ජනතාව රැස්වී ඇති අතර, එහිදී වෝල්ට්සිං මැටිල්ඩාගේ ගායනයක් සමඟ සහභාගී වූවන් සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

අද සිඩ්නි ඔපෙරා හවුස් හි පැවත්වෙන ආලෝක සංදර්ශන, සජීවි සංගීත ප්‍රසංග, උණුසුම් වායු බැලුම් සංදර්ශන සහ ගිනි කෙළි සංදර්ශන නැරඹීමට මේ වනවිටත් විශාල පිරිසක් එහි එක්රැස්ව ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »