Search

ගෙවුණු සති තුනට ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලක්ෂ දෙකට ළඟා වෙයි

ජනවාරි මස ගෙවුණු සති තුනක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලක්ෂ 2කට ලගා වී තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම අධ්‍යනයකට අනුව ජනවාරි 22 වනදා වන විට සංචාරකයින් 177,403ක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස අතුරින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර 30,840ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයක්.

තවද රුසියානු සංචාරකයින් 25,608ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 14,959ක් බ්‍රිතාන්‍ය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය වසර මෙන් මෙවරත් ජනවාරි මස ගෙවුණු දින 22කට ඔස්ට්‍රේලියානු සංචාරකයින් 6851ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව පෝලන්ත, නෙදර්ලන්ත සහ ඇමරිකානු සංචාරකයින් ද පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ආකර්ෂණය වී ඇති බව සදහන්.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »