Search

බටහිර ඔස්ට්‍රේලියාවේ නිවාස සහ ව්‍යාපාර හතලිස් දහසකට විදුලිය ඇණහිටියි

ලැව්ගිනි හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ නිවාස සහ ව්‍යාපාර හතලිස් දහසකට අධික සංඛ්‍යාවකට විදුලිය කප්පාදු වී තිබෙනවා.

විදුලි රැහැන් බිඳ වැටීම් හේතුවෙන් පර්ත් නගරය පුරා දැඩි අඳුරක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

ගිනි නිවීමේ කාර්ය මණ්ඩලය පවසන්නේ තෙත් කාලගුණය, දැඩි උෂ්ණත්ව සහ දූවිලි සමඟ මිශ්‍ර වී මෙම තත්වය ඇති වූ බවයි.

මේ හේතුවෙන් විදුලිය අත්‍යවශ්‍ය වන ව්‍යාපාර සඳහා දැඩි අලාභහානියක් සිදුව ඇති බවයි ව්‍යාපාර හිමියන් චෝදනා කරන්නේ.

ගින්න නිවීමට ගිනි නිවන භටයින් දැඩි උත්සයකද නිරත වෙමින් සිටින අතර සවස් වනවිට බොහෝ ප්‍රදේශවලට විදුලිය සැපයීම නැවත යථාතත්වයට පත්කළ හැකි බවයි විදුලිබල සැපයුම් අංශය පවසන්නේ.

මෙම තත්වය මත ජනතාවට සිදුව ඇති පාඩුව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම සිදුකරන බව රජයේ බලධාරීන් කියාසිටිනවා.