
ඔස්ට්‍රේලියානු ජනතාවගේ සාරධර්ම සහ හැසිරීම ඉතිහාසය, වර්තමානය මෙන්ම අනාගතය ද ශුභවාදී වීමට හේතුවන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි (Anthony Albanese) පවසනවා.
ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන් මහජනතාවට සුභ පැතුම් පණිවිඩයක් නිකුත්කරමිනුයි අග්‍රාමාත්‍ය වරයා මේ බව කියාසිටියේ.
ඔස්ට්‍රේලියානු දිනය යනු අප එක්ව ගොඩනගා ගත් සෑම දෙයක්ම සැමරීමේ දිනය වන අතර වසර හැට දහසක් තිස්සේ රට වෙනුවෙන් කැප වූ, රටට ආදරය කළ, රට රැකබලාගත් මිනිසුන් මෙන් අපද නව පුරවැසියෙකු ලෙස රට වෙනුවෙන් කැපවීමේ ප්‍රතිඥාව ලබාදිය යුතු බව ඔහු පෙන්වා දෙනවා.

එවිට පෘථිවියේ ශ්‍රේෂ්ඨතම රට ලෙස අපට ආඩම්බර විය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටින්නේ.
නිල ඇඳුමින් සේවය කරමින් අපව ආරක්ෂා කරන නිලධාරීන් මෙන්ම රට වෙනුවෙන් සටන් කරන ගොවියා දක්වා සියලු දෙනාට රට ගොඩනැගීමේ ධෛර්ය ලැබේවායි අග්‍රාමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කාලය දුෂ්කර වුවත් වෙහෙස මහන්සි වී වැඩකරන, කැපකිරීම් කරන සියල්ලටම එම අවශ්‍ය ධෛර්ය ලැබේවායි අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා සිටිනවා.