
ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී නැවත වරක් බලයට පත් වුවහොත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන්ට ඩොලර් 10,000 ක දීමනාවක් ලබා දීමට පාලක කම්කරු පක්ෂය විසින් තීරණය කර තිබෙනවා.
මෙම දීමනාව කාල පරාස කිහිපයක් ඔස්සේ ගෙවීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
ඒ අනුව ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත පිවිසෙන ආධුනිකයන්ට මාස 6, 12, 24, 36 යන වාරික යටතේ ඩොලර් 2,000 බැගින් ගෙවනු ලබන අතර අදාළ කාල සීමාව අවසන් වූ පසුව ඉතිරි ගෙවීම් කටයුතු සිදු කිරීමටයි පාලක කම්කරු පක්ෂයේ සැලසුම වී ඇත්තේ.

මෙම වැඩසටහන සදහා මුලපිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 626.9 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
වසර පහක කාල සීමාවක් තුළ කම්කරු රජයට මිලියන 1.2 ක නව නිවාස ප්‍රමාණයක් ඉදි කිරීමේ ඉලක්කයක් පවතින බව ද සදහන්.

මේ අතර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ආධුනික වෘත්තිකයින් මේ වනවිටත් සැලකිය යුතු අන්දමින් මූල්‍ය පීඩනයකට ගොදුරු වී සිටින බවයි.