
වික්ටෝරියා ප්‍රාන්ත හිස් වෙළඳසැල් දේපළ හිමියන්ට පැනවීමට යෝජිත නව බද්ද සම්බන්ධයෙන් ලිබරල් පක්ෂය සිය විරෝධය පළ කර තිබෙනවා.
හිස් වෙළඳ සැල් නැවත විවෘත කිරීමේ අරමුණින් එම හිමිකරුවන් මත නව බද්දක් පැනවීමටයි හරිත පක්ෂය විසින් පසුගියදා යෝජනා කළේ.
නමුත් ලිබරල් පක්ෂය විසින් පෙන්වා දෙන්නේ ජීවන වියදම හමුවේ කුඩා ව්‍යාපාර හිමියන් සඳහා එවැනි පියවරක් ගැනීම අසාධාරණ බවයි.

ලබන මාසයේ මෙල්බන් හි දකුණු ප්‍රදේශයේ Prahran ආසනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට සමගාමීව පැවති ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී ලිබරල් පක්ෂය විසින් මේ පිළිබඳව අවධාරණය කර තිබෙනවා.
හරිත පක්ෂය විසින් සදහන් කරන්නේ අඛණ්ඩව මාස හයකට වැඩි කාලයක් හිස්ව පවතින දේපල සඳහා සියයට 2 ක නව වාණිජ බද්දක් හඳුන්වා දෙන බවයි.
