Search

වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා පොදු පාසල්වලට රජයෙන් නොසිතූ සහනයක්

වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල පොදු පාසල් සදහා හිමි වන අරමුදල් සම්බන්ධ තීරණාත්මක ගිවිසුමකට එළඹී තිබෙනවා.

ඒ අනුව 2034 වසර වන විට එම පාසල් සදහා අවශ්‍ය අරමුදල් ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය එක්ව සම්පූර්ණයෙන් ලබා දීමට නියමිතයි.

මෙය දැනට හිමි වන සමස්ත අරමුදල් ප්‍රමාණයට සාපේක්ෂව 5% ක ඉහළ යෑමක්.

දැනට ප්‍රාන්ත රජයන් සහ ෆෙඩරල් රජය ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුව පොදු පාසැල් සදහා අවශ්‍ය අරමුදලින් 75% ක් ප්‍රාන්ත රජය විසින් ද 20% ක් පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ද දරනු ලබනවා.

කෙසේ වෙතත් එහිදී 5% ක අරමුදල් හිඟයක් පැවතීම හමුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුවයි එම මුදල ද ලබා දීමට මෙම ගිවිසුම යටතේ යෝජනා වී ඇත්තේ.

යෝජිත ගිවිසුම සදහා ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන් මෙතෙක් අත්සන් තබා නැහැ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී පාලක කම්කරු පක්ෂය විසින් හදුන්වා දුන් ගිවිසුම ප්‍රකාරව පොදු රාජ්‍ය මණ්ඩලයේ අරමුදල් ප්‍රමාණය 2.5% සිට 22.5% දක්වා ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් Northern Territory පාසල් සදහා හිමි වන එම අරමුදල් ප්‍රතිශතය 40% ක් වැනි ඉහළ අගයක පැවතීම ද විශේෂත්වයක්.

බටහිර ඔස්ට්‍රේලියා, ටස්මේනියා, Northern Territory සහ ACT යන ප්‍රාන්ත රජයන් විසින් දැනටමත් මෙම ගිවිසුමට අත්සන් තබා අවසන්.

නුදුරේදී වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත දෙක ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.

මෙම ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පරිපාලන කලාප 06 ක පොදු පාසල්වල යටිතල පහසුකම් කැපී පෙනෙන ලෙස සංවර්ධනය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ යටතේ වසරකට ඩොලර් බිලියන 16 ක පමණ මුදලක් ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් වැය කරනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »