
ලොව වඩාත් ප්‍රසිද්ධ ස්ථා අ (Landmarks) පිළිබඳව නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ U.S News & World Report මූලාශ්‍ර කරගෙන බවයි පැවසෙන්නේ.
එම ස්ථාන අතරට සිඩ්නි ඔපෙරා හවුස් ද තේරී පත්ව තිබෙනවා.

ප්‍රංශයේ අයිෆල් කුළුණ, බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය, චීන මහා ප්‍රාකාරය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලිබර්ටි ප්‍රතිමාව ද ඒ අතරට අයත්.
ඉන්දියාවේ ටජ් මහල් ද මෙම ලැයිස්තුව සදහා ඇතුලත් වී තිබීම ද විශේෂත්වයක්.

පේරු හි මාචූ පීචූ බලකොටුව, ඊජීප්තුවේ ගීසා හී පිරමීඩ, ඉතාලියේ කොලෝසියම සහ ජපානයේ ෆූජි කන්ද ඇතුලු තවත් ප්‍රසිද්ධ ස්ථාන රැසක් ඒ අතර වනවා.