Search

Australia Day අද හෙට රජයේ නිවාඩු දිනයක්

ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය හෙවත් Australia Day අදට යෙදී තිබෙනවා.

1788 වසරේදී නිවු සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් වෙත ගොඩ බසින ලද දේශ ගවේෂකයන් කණ්ඩායමක් විසින් බ්‍රිතාන්‍ය ධජය එසවූ දිනය සංකේතවත් කරමිනුයි එය සමරනු ලබන්නේ.

එවක ඔස්ට්‍රේලියාව හඳුන්වනු ලැබුවේ නිව් හොලන්ඩ් ලෙසයි.

මෙවර ඔස්ට්‍රේලියා දිනය (Australia Day) නිවාඩු දිනයක යෙදුණු හෙයින් හෙට (27) දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබන පිරිසකට නිල වශයෙන් එය පිරිනැමීමද සිදුවන්නේ අද දිනයේදීයි.

මෙවර ඔස්ට්‍රේලියා දිනයට (Australia Day) සමගාමීව Coles, Woolworths, Aldi ඇතුලු සුපිරි වෙළද සැල් රැසක් විවෘතව පවතින වේලාවන් හි සංශෝධනයක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරය තුළ ද අද දිනයේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

Australia Day Flag Rising Ceremony සහ Federation Square හීදී පැවැත්වෙන Australia Day සැමරුම් ඇතුලු අවස්ථා රැසකට අද දිනයේ දී වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට සහභාගී විය හැකියි.

මේ අතර ඔස්ට්‍රේලියා දිනයට සමගාමීව රටේ ප්‍රධාන නගරවල උත්සව රැසක් සංවිධානය කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »