
මෙම වසරේ Australian of the year සම්මානය සදහා වික්ටෝරියා ජාතික Neale Daniher නිර්දේශ වී තිබෙනවා.
හිටපු AFL ක්‍රීඩකයෙකු වන ඔහු 2013 වසරේදී Motor Neurone රෝගී තත්වයට ගොදුරු වී ඇති බවයි දැක්වෙන්නේ.
ඉන් පසුව Neale Daniher විසින් ගෙවුණු වසර 10 ක කාලසීමාව තුළ එම රෝගය වැළදුණු පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඔහු ඒ සදහා FightMND නමින් සංවිධානයක් පිහිටුවා තිබීම ද විශේෂත්වයක්.
කැන්බරා හීදී අද (25) පැවති උත්සවයේ දී අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් Neale Daniher වෙත මෙම සම්මානය ප්‍රදානය කර තිබුණා.
