Search

කොදෙව්වන් පරදා ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තරග වටයේ තුන් වන තරගය අද (25) පැවැත් වුණා.

ඒ ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

Bangi හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 16 පන්දු 03 ක් ඇතුලත සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 53 ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ Eleanor Larosa, Caoimhe Bray සහ Tegan Williamson අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ලකුණු 53 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 10 පන්දු 05 ක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා.

ඒ අනුව තරගයෙන් කඩුලු 07 ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »