Search

වික්ටෝරියා ජනප්‍රිය නිවාඩු නිකේතනයක බැල්කනියක් කඩා වැටී පිරිසකට තුවාල

වික්ටෝරියාහි ජනප්‍රිය නිවාඩු නිකේතනයක බැල්කනියක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කඩා වැටුනු බැල්කනියේ දැව යට සිරවී සිටි මොවුන් මීටර් 2 යි දශම 5 ක උසකින් ඇද වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙහිදී තුවාල ලැබූ පිරිමින් තිදෙනෙකු, කාන්තාවන් තිදෙ‍ෙනකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය සඳහන් කළා.

ඔවුන්ට ජීවිත තර්ජනයක් නොමැති අතර සුනඛයෙකු ද ඉන් තුවාල ලබා තිබෙනවා.

ගිනි නිවන භටයින් මෙන්ම ගිලන් රථ ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වහා එම ස්ථානයට පැමිණ ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකළ බවයි බළධාරීන් පවසන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වික්ටෝරියා පොලීසිය විසිනු මෙහෙයවනු ලබනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »