
ඔස්ට්‍රේලියාවේ රතු මස් (Red Meat) කර්මාන්තයේ සාර්ථකත්වය සැමරීමට ඕස්ට්රේලියානු දිනය සුදුසු යැයි කෘෂිකර්මාන්ත අමාත්‍යවරිය පවසනවා.
ගව මස් අපනයනය 2023 වසරට සාපේක්ෂව සියයට 24 කින් ඉහළ ගොස් ඇති අතර එහි ආදායම ඩොලර් බිලියන 94 ක් බවයි ඇය පෙන්වාදෙන්නේ.
බැටළු මස් අපනයනය 2023 ට සාපේක්ෂව සියයට 15 කින් ඉහළ ගොස් ඇති අතර එය ටොන් හයලක්ෂ දහ හතර දහසක් බව වාර්තාවල සඳහන්.

එළුමස් අපනයනය සියයට 22 කින් වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇති අතර එය ටොන් දෙලක්ෂ පනස් පන්දහසක් බවද එම වාර්තාවල දැක්වෙනවා.
.
කෘෂිකර්ම අමාත්‍ය ජුලී කොලින්ස් වැඩිදුරටත් සඳහන්කළේ ලොව පුරා පාරිභෝගිකයින් ඕස්ට්රේලියානු ආහාර කෙරෙහි තැබූ විශ්වාසය මෙම දත්ත මගින් පෙන්නුම් කරන බවයි.
චීනය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ඇති කරගත් නව නිදහස් වෙළඳ ගනුදෙනු මෙම අපනයන තත්වය ඉහළ යාමට හේතු වූ බව ඇය පෙන්වාදෙනවා.
