
ඔස්ට්‍රේලියා ඩේ දිනයට සමගාමීව අද සිට නීති විරෝධී ගිනිකෙළි භාවිතා කරන්නන්ට දැඩි දඩුවම් ලබාදනෙ බව ඔස්ට්‍රේලියා බලධාරීන් පවසනවා.
අනුමත නොකරන ගිනි කෙළි භාවිතයට අදාල හදිසි අනතුරු ඇගවීමක් ඔවුන් අද නිකුත් කළා.
නව අවුරුදු උදාවත් සමග මේ වන විට ප්‍රාන්ත පුරා නීති විරෝධී ගිනි කෙළි භාවිතය පිළිබඳ පැමිණිලි 180 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව නිව් සවුත්වේල්ස්හි නීති විරෝධී ගිනි කෙළි විකිණීම, මිලදී ගැනීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ දැල්වීමට අදාලව අධික දඩ මුදලක් නියම කිරීමටයි පොලීසිය සැලසුම් කර ඇත්තේ.
එම ක්‍රියාකාරමක්වල යෙදෙන්නන්ට ඩොලර් 27,500 ක දඩයකට සහ මාස 12 ක සිරදඬුවමක් නියම කරන බවයි නිව් සවුත්වේල්ස් පොලීසිය වැඩිදුරටත් කියාසිටියේ.

පසුගිය වසරේ මෙම කාලයේදී නීති විරෝධී ගිනි කෙළි භාවිතයෙන් මෙල්බනයේ අවුරුදු 19 ක තරුණයෙක් මියගියා.