
2025 වසරට අදාළව ක්ෂේත්‍ර කිහිපයක් යටතේ සෙසු ඔස්ට්‍රේලියානුවන්ට ආදර්ශයක් වන ලෙස කටයුතු කළ වසරේ ඔස්ට්‍රේලියානුවන් නම් කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ Australian of the Year Awards සම්මාන උළෙලේ දී වසරේ ඔස්ට්‍රේලියානුවා, වසරේ ජ්‍යේෂ්ඨ ඔස්ට්‍රේලියානුවා, වසරේ තරුණ ඔස්ට්‍රේලියානුවා සහ Australia’s Local Hero යන ක්ෂේත්‍ර යටතේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.
වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය සදහා එක් එක් ප්‍රාන්ත ආවරණය පරිදි නිර්දේශිත නාමයන් ලබා දී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළින් ඒ සදහා නම් කර ඇත්තේ Essendon Football Club නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන Neale Daniher වීම ද විශේෂත්වයක්.
2013 වසරේදී ඔහු Moter Neuron රෝගී තත්වයට ගොදුරු වී තිබෙනවා.

මෙම රෝගී තත්වයෙන් පීඩා විදින පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහු Fight MND නමින් ආයතනයක් ද ආරම්භ කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.