
වෝන් – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඩුබායිහි පැවති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුවයි ඔවුන් එරටට පැමිණ ඇත්තේ.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරගය ලබන 29 වනදා පැවැත්වෙනවා.
ඊයේ නම් කරනු ලැබූ 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රීලංකා සංචිතයේ කණ්ඩායම් නායකයා වන්නේ ධනංජය ද සිල්වා වන අතර පැතුම් නිශ්ශංක, වනිදු හසරංග, කුසල් මෙන්ඩිස් ඇතුලු සුපිරි ක්‍රීඩකයන් රැසක් අවසන් එකොළොස් දෙනා අතරට පැමිණ තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරයන්ට එරෙහිව ප්‍රබල ක්‍රීඩකයින් සංචිතයක් තෝරාපත්කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වාදෙන්නේ.