Search

මුහුණ ලස්සන කරගන්න ගිය සිඩ්නි කතක් ICU එකෙන් නවති

මුහුණේ රැළි ඉවත් කිරිම සදහා එන්නත් මගින් සිදු කළ ප්‍රතිකාරකයක් විෂ වීමෙන් සිඩ්නි කාන්තාවක් දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබෙනවා.

එම පුවතත් සමග සිඩ්නි සෞඛ්‍ය අංශ මෙම එන්නත්කරනයන් සිදු කරන කාන්තාවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එනම් රැලි ඉවත් කිරීමට සිදු කරන එන්නත් විෂවීමත් සමග මහජන සෞඛ්‍ය අංශ කාන්තාවන්ට උපදෙස් ලබා දෙන්නේ එවැනි දෑ සිදුකිරීමෙන් වලකින ලෙසයි.

අදාළ කාන්තාව මේ වන විට සිඩ්නි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

NSW සෞඛ්‍ය අංශ විසින් නියාමනය නොකළ රූපලාවන්‍ය එන්නත් වල භයානක කම පිළිබද කාන්තාවන් දැනුවත් කර ඇති අතර බලයලත් වෘත්තිකයන්ගෙන් පමණක් රූපලාවන්‍ය එන්නත් ලබාගන්නා ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

රූපලාවණ්‍ය එන්නත් වැරදි ලෙස භාවිත කළහොත් බරපතල හානියක් සහ ඇතැම් අවස්ථාවන්හිදී මරණය පවා සිදුවිය හැකි බව දැනුම් දෙනවා.

නිව් සවුත්වේල්ස් පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »